ජාතික ජන සංගණනය 2025

ජපාන රජය විසින් 2025 ඔක්තෝබර් 1 වන දින පදනම් කරගත් ජාතික ජන සංගණනයක් පවත්වනු ලැබේ.
ජාතික ජන සංගණනය යනු, සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන වැදගත්ම සංඛ්‍යානමය සමීක්ෂණය වේ.

විදේශිකයන් හට පහසුවෙන් ජීවත් විය හැකි නගර නිර්මාණය කිරීම වැනි ක්‍රියාමාර්ග සඳහා ජාතික ජන සංගණනයේ ප්‍රතිඵල භාවිතා කෙරේ.

මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් ජපානයේ ජීවත් වන හෝ ජීවත් වීමට නියමිත ඕනෑම අයෙකුට, පුරවැසිභාවය කවරක් වුව ද මෙම ජාතික ජන සංගණනය අදාළ වේ. අදාළ පුද්ගලයින් මෙයට පිළිතුරු ලබා දීමට බැඳී සිටින බැවින්, කරුණාකර අනිවාර්‍යයෙන්ම පිළිතුරු ලබා දෙන්න.
සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීම සඳහා පමණක් පිළිතුරුවල අන්තර්ගතය භාවිතා කරනු ලබන අතර, ආගමන පාලනය හෝ පොලිස් පරීක්ෂණ වැනි වෙනත් කිසිදු අරමුණක් සඳහා භාවිතා නොකෙරේ.

තවද, පහත සඳහන් යමකට අදාළ වේ නම්, කරුණාකර ජාතික ජන සංගණන සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.

ජාතික ජන සංගණනයට පිළිතුරු සපයන ආකාරය

මාර්ගගතව පිළිතුරු සැපයීම

සැප්තැම්බර් 20 (සෙනසුරාදා) සිට ඔක්තෝබර් 8 (බදාදා) දක්වා

කරුණාකර මෙම සමීක්ෂණයට අන්තර්ජාලය හරහා පිළිතුරු සපයන්න. සමීක්ෂණ ලේඛන ඔබේ නිවසට ලැබුණු පසු, කරුණාකර පිළිතුරු සපයන වෙබ් අඩවියට පිවිස, එම තිරයේ ඇති උපදෙස් අනුගමනය කරමින් පිළිතුරු සපයන්න.
පිළිතුරු ලබාදෙන විට, කරුණාකර ඔබට බෙදා දුන් “සමීක්ෂණ ලේඛන සහිත ලියුම් කවරය” තුළ ඇති “අන්තර්ජාල පිළිතුරු ඉල්ලීම් පෝරමයේ” පහළ දකුණු පස මුද්‍රණය කර ඇති “ලොගින් QR කේතය” ස්කෑන් කරන්න.

  • සමීක්ෂණ ලේඛන සහිත ලියුම් කවරය
  • අන්තර්ජාල පිළිතුරු ඉල්ලීම් පෝරමය

ලොගින් QR කේතය

“ලොගින් QR කේතය” මගින් ජාතික ජන සංගණනයට මාර්ගගතව ප්‍රවේශ වූ පසු, කරුණාකර ඉහළ දකුණු පස ඇති “Language” වෙතින් පිළිතුරු දැක්වීමට භාවිතා කරන භාෂාව තෝරන්න. පහත සඳහන් භාෂාවලින් මාර්ගගත ලෙස පිළිතුරු ලබා දිය හැකිය.
ජපන්, ඉංග්‍රීසි, චීන (සරල / සාම්ප්‍රදායික), කොරියානු, වියට්නාම, පෘතුගීසි, ස්පාඤ්ඤ භාෂා

පරිගණක ආදිය මගින් QR කේතය ස්කෑන් කල නොහැකි නම්, කරුණාකර පහත සඳහන් “පිළිතුරු ලබාදීම ආරම්භ කරන්න” ක්ලික් කරන්න. ලොගින් වන අවස්ථාවේ දී, “අන්තර්ජාල පිළිතුරු ඉල්ලීම් පෝරමයේ” මුද්‍රණය කර ඇති “ලොගින් ID එක” සහ “ඇක්සෙස් කී එක” අවශ්‍ය වේ.

පිළිතුරු දීම ආරම්භ කරන්න (ඉංග්‍රීසි)
  • දැඩි ආරක්ෂක පියවරයන් මගින් ඔබ සපයන පිළිතුරු ආරක්ෂා කර ඇති බැවින් බිය විය යුතු නැත.
  • ඔක්තෝබර් 1 (බදාදා) වන විට, නිවසේ සාමාජිකයෙකුගේ උපතක් හෝ පදිංචිය මාරු කිරීමක් වැනි හේතුන් මත ඔබගේ පිළිතුරුවල යම් වෙනසක් ඇති වන්නේ නම්, කරුණාකර නැවත ලොගින් වී අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කරන්න. නැවත ලොගින් වීමට, ඔබගේ “ලොගින් ID එක” සහ ඔබ සැකසූ “මුරපදය” අවශ්‍ය වේ.
  • මාර්ගගතව පිළිතුරු දැක්වූ කුටුම්භයන් (පවුල්) සඳහා, කඩදාසි සංගණන පත්‍රිකා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ. කරුණාකර කඩදාසි සංගණන පත්‍රිකාවෙහි කිසිවක් සඳහන් නොකර, වෙනත් කටයුතු සඳහා භාවිතා නොවන සේ ඉවත දමන්න.

සංගණන පත්‍රිකා (කඩදාසි) මගින් පිළිතුරු සැපයීම

ඔක්තෝබර් 1 (බදාදා) සිට ඔක්තෝබර් 8 (බදාදා) දක්වා

ඔබට මාර්ගගතව පිළිතුරු ලබා දීමට නොහැකි නම්, කරුණාකර කඩදාසි සංගණන පත්‍රිකා මගින් පිළිතුරු සපයන්න.
ඔබ පිළිතුරු සපයන්නේ කඩදාසි සංගණන පත්‍රිකාවක් මගින් නම්, කරුණාකර “සංගණන පත්‍රිකාවේ පරිවර්තන” සහ “සංගණන පත්‍රිකාව පුරවන ආකාරය සම්බන්ධ පරිවර්තන” පරිශීලනය කර, ඔබට ලබා දී ඇති “සමීක්ෂණ ලේඛන සහිත ලියුම් කවරය” තුල ඇති සංගණන පත්‍රිකාව පුරවන්න.
කරුණාකර සම්පූර්ණ කරන ලද සංගණන පත්‍රිකාව තුනට නමා, “තැපැල් කරන ලියුම් කවරයේ” බහා, මුද්දර නොඅලවා, ඔක්තෝබර් 8 (බදාදා) වන විට ඔබ අසළම ඇති තැපැල් පෙට්ටියට දමන්න.

  • තැපෑලෙන් ඉදිරිපත් කිරීමට අපහසු නම්, කරුණාකර පහත සඳහන් ජාතික ජන සංගණන සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න. එවිට සංගණන පත්‍රිකා එකතු කිරීමට සංගණන නිලධාරියෙකු පැමිණෙනු ඇත.
  • එක් කඩදාසි සංගණන පත්‍රිකාවක පුද්ගලයින් හතර දෙනෙකු දක්වා සඳහන් කළ හැක. පස් දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ඇතුළත් කරන්නේ නම්, අමතර සංගණන පත්‍රිකා ලබා දෙන බැවින් කරුණාකර පහත සඳහන් ජාතික ජන සංගණන සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.
සංගණන පත්‍රිකාව තැපැල් කරන ලියුම් කවරය

කරුණාකර ඔක්තෝබර් 8ට (බදාදා) පෙර පිළිතුරු සපයන්න.

ඔක්තෝබර් 8 (බදාදා) වන විටත් ඔබගේ පිළිතුරු අප හට නොලැබෙන්නේ නම්, පිළිතුරු සපයන ලෙස ඔබට මතක් කර දීමට සංගණන නිලධාරියෙකු ඔබ වෙත පැමිණෙනු ඇත.

ජාතික ජන සංගණනයේ සඳහන් කරන අන්තර්ගතය ආදිය පිළිබඳව අපැහැදිලි යමක් ඇත්නම්, කරුණාකර ජාතික ජන සංගණන සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන්න.

ජාතික ජන සංගණන සම්බන්ධතා මධ්‍යස්ථානය

නැවි ඩයල් ඇමතුම්:

0570-02-5901

IP දුරකථන / පෙරගෙවුම් ජංගම දුරකථන සඳහා:

03-6628-2258

ස්ථාපන කාලය: නොවැම්බර් 7 (සිකුරාදා) දක්වා
විවෘත වේලාවන්: පෙ.ව. 9:00 සිට ප.ව. 9:00 දක්වා

“QR කේතය” යනු DENSO WAVE ආයතනයේ ලියාපදිංචි වෙළඳ ලකුණකි.

公式SNS

X:別ウインドウで開きます。
これまでの国勢調査の結果はe-Statでご覧になれます!:別ウィンドウで開きます。これまでの国勢調査の結果はe-Statでご覧になれます!:別ウィンドウで開きます。